පොන්සේකාට ඇප දුන්නාට ජයඝෝෂා


හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප‍්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අවට රැස්වී සිටි ඔහුගේ හිතවත්හු සිංහ කොඩි වනමින් පී‍්‍රතිඝෝෂා කළහ.ඔල්වරසන් හඬ නැඟූහ. ෆොන්සේකාගේ බිරිය අනෝමා එහිදී පැවැසුවේ අධිකරණ තීරණය ගැන සතුටුවන බවයි. අධිකරණය කෙරෙහි විශ්වාසය තබන බව කී ඇය මේ  තීරණයත් සමග ෆොන්සේකාට යම් සහනයක් ලැබෙතියි සිතන බවද කීවාය.