පොන්සේකාගේ පෙත්සම් විභාගයට ගනී


සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ධුරය අහිමි කිරිමට එරෙහිවද පළමු යුද අධිකරණය තමාගේ ජනරාල් පදවිය ඇතුළු නිලතල අහෝසි කිරීමට එරෙහිවද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා  ගොනු කළ පෙත්සම් දෙක වෙන වෙනම යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (13)තීන්දු කළේය. අභියාචනාධිකරණ විනිසුරු ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් මහතා සහ විනිසුරු අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ පෙත්සම් දෙක වෙන වෙනම කැඳවිණි.