පොන්සේකාගේ නඩුව කල් යයි


හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දි රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට පෙළඹී යැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ අද විභාගයට ගත් නමුත් සේනක හරිප්‍රිය අසනීපයෙන් පසුවන බව දැන්වීම නිසා නඩුව ජූනි 21 වැනි දාට කල් තැබිණි. සරත් පොන්සේකා පැමිණ සිටියේය.සරත් පොන්සේකා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ කුඩා දරුවකු ඔහු අසලට පැමිණ ‘‘ පොන්සේකා මාමාට දැන් සනීපදැ‘‘යි විමැසීය.   මාමාට කතා කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ යැයි ද ඔහු පැවැසීය.