පොන්සේකා සෙනසුරාදා නිදහස්?
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සෙනසුරාදා නිදහස ලබනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
ඔහු නිදහස් කිරීමේ නිවේදනයට මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී අත්සන් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ෆොන්සේකා 2010 පෙබරවාරියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ සිනමන් ලේක් හෝටලයේ සිටියදීය. රජය පෙරැලීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා තිබිණි.
ඉන්පසුව යුද්ධාධිකරණය ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය. යුද හමුදාවට උපකරණ සැපැයීමේදී වංචා සහගතව ක‍්‍රියා කළැයි ඔහු වැරැදිකරු විය. දැන් ඔහු මාස 30ක සිර දඬුවමක් ගෙවමින් සිටී.

