පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති
ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන් දෙදෙනා වන අපර්ණා සහ අප්සරා, අනෝමා පොන්සේකා සමග නවලෝක රෝහලට ගියහ. තාත්තා දැක්කේ කාලෙකට පස්සේ. අපව දැක්ක ගමන් ඔහුගේ දැස්වලත් කඳුළු පිරුණා. නිදහස ලැබූණු ගමන් තාත්තා සමග මුලින්ම පන්සල් යනවා යැයි ඔවුහු කීය. තිදෙනාම සතුටු මුහුණින් රොහලෙන් පිටවී ගියහ.

