පොන්සේකා දළදා මැදුරේ
හිටපු යුධහමුදාපති සරත් පොන්සේකා අද සවස 6ට මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමටත් ඉන් පසු මහානායක හිමිවරුන් හමුවීමටත් නියමිතය. රිය පෙරහරකින් මහනුවර බලා ගිය ඔහුට මග දිගට උණුසුම් පිලිගැනීමක් ලැබිණි. බොහෝ පිරිස් මග දිගට රැස්ව ඔහුට ආචාර කළහ. ඔහුද රථයෙන් යන ගමන්ම ඔවුනට ප්‍රතිචාර දැක්වීය.

