මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීමට අද දින කොළඹ නව නගර ශාලාවට පැමිණි අවස්ථාවේ සිය සතුට ප්‍රකාශ කරමින් පාක්ෂිකයෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැංවූහ.
සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් රියෙන් බැස ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශාලාව ඇතුළට යාමට පෙර ඔවුන් වටා එකතුවූ විවිධ පාක්ෂිකයන් සහ මාධ්‍යවේදීන් හේතුවෙන් ඔවුනට ඇතුළුවීම සඳහා බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවිය.
ජය ඝෝෂා හඬ සහ රතිඤ්ඤා හඩින් අවට ගිගුම් දෙන්නට වූ අතර ඔවුනට සහාය පළ කරමින් අති විශාල පිරිසක් එම ස්ථානයට එකතුවී සිටියහ.
ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදීන් නව පොදු අපේක්ෂකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඒවාට කෙටියෙන් පිළිතුරු දී ඉදිරියේදී ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමග වැඩිදුර කාරණා සඳහන් කරන බවද සිරිසේන මහතා කීවේය.
ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදීද සිය පාක්ෂිකයන් සමග සතුට බෙදා ගැනීමට බොහෝ වේලාවක් ගත කිරීමට ඔවුනට සිදුවිය. විශාල තදබදයක්ද එම ස්ථානය අවට ඇතිවී තිබෙනු දැකිය හැකිවූ අතර අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පැමිණි වාහන පවා ඉවතට ගැනීමට නොහැකිව මාර්ගය අවහිරවී තිබුණි.

