හම්බන්තොට ධීවර වරායේ සිට මුහුදු ගිය ධීවර බෝට්ටුවක් මුහුදු සැතපුම් 22 ඈත ජාත්‍යාන්තර මුහුදේදී විශාලනැවක හැපී ඇති අතර එම බෝට්ටුවට හානි සිදුව ඇතත් එහි සිටි ධීවරයන්ට කිසිදු අනතුරක්සිදුව නැත. MAR/BST/RT MAJORO UH 09336749 දරන එම නැව අනතුරට පත් වීමෙන් පසු නැවත ආපසු හරවාගෙන පැමිණි බවත් එහි සිටි කාර්ය මණ්ඩලය එම ධීවරයනට ආහාර හා අත්‍යාවශ දේවල් දී ඔවුන්ගේ සුව දුක් බලා ආපසු ගිය බව එම ධීවරයෝ කියති.

