පේස් බුක් පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ
අන්තර්ජාලයේ පේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගත් ගුරුවරියක හා මිතුරු වී ඇය අවමාන තර්ජනයට ලක් කැර ඇගේ නිරුවත් ඡායාරූපද ගත් බව කියන පුද්ගලයකුට එරෙහිව නඩුව විභාග කිරීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අගෝස්තු තුන්වැනිදාට කල් තැබිණි.
එස්. වීරරත්න නම් සැකකරු නිවැරැදිකරු බව කීවේය. ගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා පේස් බුක් වෙබ් අඩවියෙන් හඳුනාගත් ගුරුවරිය බම්බලපිටියේ හෝටලයකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන ඇතැයිද ඒවා ප‍්‍රචාරය නොකිරීමට නම් අඹුසැමියන් ලෙස හැසිරිය යුතු බවට තර්ජනය කළැයිද එම කතගේ පැමිණිල්ලේ දැක්වේ. ඔහු ඇගෙන් අවස්ථා දෙකකදී රුපියල් එකොළොස් දහසක්ද ලබාගෙන ඇත. සැකකරු ඇප පිට සිටියි.

