පේරාදෙණි සරසවියේ ලක්ෂ 320කට විදලා


(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිණුමක තිබු තිබූ රුපියල් ලක්ෂ 320 ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන නියෝජ්‍යය මුල්‍ය  අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් රාජ්‍යය බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමක් පියවා මෙම මුදල රැගෙන ඇති බවත් අදාළ මුදල වැඩි පොළී අනුපාතයක් යටතේ වෙනත් බැංකුවක තැන්පත් කරන බව පවසමින් මෙම නියෝජ්‍යය මූල්‍ය  අධිකාරීවරයා පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අත්සනද ලබා ගනිමින් මෙම මුදල් මෙයට දින කිහිපයකට පෙර ලබාගනෙ තිබේ.

මුදල් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍යය නියෝජ්‍යය ලේඛකාධිකාරීවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මුදල් නිදහස් කර ගැනීමෙන් පසු අදාළ නිලධාරීයා විශ්ව විද්‍යාලයට නොපැමිණ සැගවී  සිටින බවත් මේ සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළ බවත්  සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර සිද්ධියට සම්බන්ධ නියෝජ්‍යය මූල්‍ය අධිකාරීවරයාගේ සේවය අත්හිටවූ බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පැවැසිය.