පේරාදෙණි සරසවි සිසුන් දෙන්නා රිමාන්ඩ්
පේරාදෙණිය තානායමට කඩා වැදී සේවකයිනට පහරදී එහි දේපලට අලාභහානි කර මුදල් කොල්ල කෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුන් දෙදෙනා ලබන මස 2 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කෙළේය. සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි.

