පේරාදෙණි නවක වදේ උසාවියේ දිග හැරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තම මුහුණ වැලි වලක ඔබා ”ගෙම්බා” යන නම පටබැඳ කැන්ටිමේදී පහර දුන් බව එහි ශාස්ත‍්‍ර පීඨයේ පළමු වසරේ යුක්ති සමන් ඒකධීර (22) මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය. නවක වදයට විරුද්ධ සිසුන් හැමටම දරුණු ලෙස පහරදුන් බවද ඔහු කීවේය.
ජෝර්ජ් ස්පෙන්සර් අබේවික‍්‍රම නම් සිසුවා මේ නඩුවෙන් චෝදනා ලබා සිටී. ඒකධීර සිසුවා ආරක්‍ෂක හේතු මත කොළඹ සරසවියට මාරුවක් ලැබ සිටී. පේරාදෙණි සරසවියේ දේශපාලනය කරන කණ්ඩායම තමා මරා දැමීමට උත්සාහ කලැයිද තමා නවක වදයට විරුද්ධ වුවත් ඔවුන් ඉදිරියේ මධ්‍යස්ථව සිටියේ ඊට එරෙහි කිසිම සිසුවකුට පේරාදෙණිය සරසවියේ සිටීමට ඉඩ නොදෙන නිසා බවද ඒකධීර සාක්කියේදී පැවසීය.

