(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරිවරයා නවගත්තේගම පොලිස්ථානයේ අද (30 ) උදෑසන පැවති අර්ධ වාර්ෂික පරික්ෂණයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද කියයි.
රථවාහන පොලිස් නිළධාරින් පැවසුවේ ගමන් කරමින් සිටි ජීප් රථය ඉදිරියෙන් ගවයින් රැළක් හදිසියේ මාරුවී ඇති නිසා එය වළක්වා ගැනිමට යාමේදි ජීප් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ අනෙක් පසින් ගමන් ගත් බස් රථයක ගැටිමේන් මෙම අනතුර සිදුව ඇති බවයි.




