ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු උද්දාමයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන් පිරිසක් හලාවත පුත්තලම මාර්ගයේ හලාවත නගර සභාව ඉදිරිපිට මාර්ගය අහුරමින් රථවල පෙළපාළි යාම නිසා අද සවස පුත්තලම ගණන් කිරිමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙටිටි රුගෙන ගිය වාහන වලට අවහිර විය.
ආධාර කරුවෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ජන්ද අපේක්ෂකයෙකුද පිරිවරාගෙන මග අහුරමින් ඒ මේ අත ගමන් කළහ.
පොලිසිය ඡන්ද පෙට්ටිවලට ආරක්ෂාව සැපයීය.