( ශිරාන් රණසිංහ)
මෙවර පාසල් පෙළ පොත් මුද්‍රණ කටයුතු පෞද්ගලික මුද්‍රණාල වෙත ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය නිසා රජයට රුපියල් මිලියන 4800 ක් පමණ අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මෙම පෙළපොත් මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී පෞද්ගලික මුද්‍රණාල වෙත එය ලබා දීම පිළිබඳව සොයා බැලිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
මෙවර පාසල් පෙළ පොත් වර්ග 410 ක් මුද්‍රණය කිරීමට නියමිතව ඇති බවත් ඉන් පෙළ පොත් වර්ග 386 ක්ම මෙලෙස පෞද්ගලික මුද්‍රණාල වෙත භාර දී ඇත.
පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 84 ක මුදලක් වැය කරමින් මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ මුද්‍රණණාලයේදී පෙළපොත් මුද්‍රණය කළ හැකිව තිබියදී එම කටයුතු පෞද්ගලික අංශයට ලබා දීම නිසා රජයට මෙම පාඩුව සිදු වී තිබේ.
මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ජනපතිටද පැමිණිලි කර තිබේ.