(රංජන් කස්තුරි)
රටපුරා සියලු පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් බෙදා හැරීම අද සිට ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී එම පෙළ පොත් බෙදාහැරිමේ සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
සාමාන්‍යයෙන් වසරකට පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වන නමුත් මෙවර ඒ සඳහා රුපියල් කෝටි 1600ක පමණ මුදලක් වැය කළ බව ද එහිදී අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

