පෙරේරා - කුලසේකර - මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට කැඳවති
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ මස 22 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා සහ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත. එක්දින තරග 20 කට ක‍්‍රීඩා කර තිබෙන ජීවන් මෙන්ඩිස්ද ටෙස්ට් සංචිතයට කැඳවනු ලැබ ඇත.
ශ්‍රී ලංකා සංචිතය (පළමු ටෙස්ට් තරගය සඳහා)
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, චානක වෙළගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්

