(ඩබ්ලිව්.හියුබට් ප්‍රනාන්දු)
කටානේ පොසොන් පෙරහරකදී අලියකුගේ පහර දීමට ලක්වූ හිමිනමක් අපවත් වූ බව කොච්චිකඩේ පොලිසිය පවසයි.
කටාන ශ්‍රී වර්ධනාරාම විහාරයේ වැඩ විසූ කරඹේ රාහුල හිමියෝ (26) අලි ප්‍රහාරයෙන් අපවත් වී ඇති අතර පෙරහර සමග උන්වහන්සේ ගමන් කරමින් සිටිය දී එසේ ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.
අලියාගේ දකුණු පසින් ඉදිරියට යමින් සිටි හිමි නමට අලියා විසින් හොඬවැලෙන් ඇද පහර දෙනු ලැබ ඇතැයි සිද්ධිය දුටුවෝ පවසති.
පෙරහරේ ගිය හිමිනම අලි ප්‍රහාරයෙන් අපවත් වෙති

