පෙරහරට බීමතින් ආ අයි.පීගේ වැඩ තහනම්
බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ ඇසළ පෙරහර රාජකාරියට බීමත්ව ආ බව කියන මැදගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය කියයි. ඔහු බීමත්ව සිටියේ ද යන්න තහවුරු කරගැනීම සඳහා මැදගම රෝහලේ දී පරීක්ෂණයකට ලක්කරනු ලැබීය.

