(චමිල් රූපසිංහ)
හදිසියේ ඇති වු ගින්නකින් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටි මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්‍යාලයේ නවාතැන් ගෙන සිටින පිරිස ඊයේ දිනයේ කොළඹදී පැවැති විරෝධතාවය සඳහා ගොස් ඇති බවත් ඊයේ (9) රාත්‍රී 11.30ට පමණ 119 අංකයට මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලය ගිනිගෙන ඇතිබව ලැබුණු ඇමතුමක් මත පේරාදෙණිය පොලිස් නිලධාරින් විගසින් මහනුවර ගිනිනිවිම් ඒකකය කැඳවා ගින්න මැඩ පැවැත්වු බවද පොලිසිය පැවැසීය.
අද (10) දහවල් වන විටද එම කාර්යාලයේ කිසිවෙකුගෙන් මේ පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් මෙම ගිනිගැනිම සම්බන්ධව පොලිසියට නොලැබි ඇති බවත්, එනමුත් මෙම පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයේ ඇතිවූ ගින්න පිළිබඳව පොලිස් වශේෂ පරික්ෂණ කණ්ඩායම් ( සෝකෝ ) ගෙන්වා මේ වනවිට පරීක්ෂණ පවත්වන බවද, පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ විමර්ශන කටයුතු අරඹා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවැසිය.
මධ්‍යඹ පළාත් සභා හිටපු මන්ත්‍රී සුනිල් වික්‍රමසිංහ මහතා , මෙම ගිනිගැනිම නිසා එහි යතුරුපැදි දෙකක්ද, ශබ්දවාහිනි යන්ත්‍රයක් හා වැදගත් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් එහි තිබූ බවත් මෙහි සිටින කිහිප දෙනා ඊයේ කොළඹදි පැවැති සාමකාමි විරෝධතාවය සඳහා ගොස් ඇති බවද, එම අවස්ථාවේදී මෙම ගිනි ගැනීම් ඇතිවී ඇති බවත්, මේ සම්බන්ධව පොලිසිය විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් කරනු ඇති බව තමාගේ විශ්වාසය බවද එහිදි පැවසූ අතර මෙම ඉඩම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙකු වන මෙහි හිමිකරු හා මෙහි භුක්තිය හිමි පෙරටුගාමි පක්ෂය අතර අධිකරණයේ නඩුවක් පවතින බවද ඔහු පැවැසීය.





