පෙරටුගාමීන් පළාත් ඡන්දෙට නෑ
මෙවර පැවැත්වෙන පළාත් සභා ඡන්දයට තම පක්ෂය ඉදිරිපත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා කියයි. කෙසේ වෙතත් එම ප්‍රදේශවල පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදු කරන බව ඒ මහතා පවසයි. මාදිවෙල පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

