පෙම්වතියට ඇසිඩ් ප්‍රහාරයක්


උඩුගම සිට ගල්ල දක්වා ධාවනය වූ ලංගම බසයක ගමන්ගත්  26 හැවිරිදි තරුණියකට නාඳුනන තරුණයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය කරාපිටිය රෝහලෙන් කොළඹ ජාතික රෝහලට එවා ඇත. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඇය අසල සිටි කොන්දොස්තරවරයා ද තවත් කාන්තාවේ තිදෙනෙක් ද තුවාල ලදහ. ප්‍රේම සම්බන්ධයක් මේ ප්‍රහාරයට හේතුවන්නට  ඇතැයි පොලිසිය සැකකරයි. ඇසිඩ් ගැසූ පුද්ගලයා පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.