පෙම්වතිය පැහැර ගැනීමට ආ තරුණයා බෑගය පැහැරගෙන යයි


(ඩි.ජී.සුගතපාල)

නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබියදි තම පෙම්වතිය පැහැරගැනීමට ආ පෙම්වතා ඇගේ අත් බෑගය කොල්ල කා පලාගිය පෙම්වතකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

ඇඟලුම් කම්හල් සේවිකාවක් වන සුදුවැලිපොත පදිංචි 20 හැවිරිදි තරුණිය මෙයට මාසයකට පමණ පෙර උඩුගම උක්ඕවිට පදිංචි 31 හැවිරිදි රියදුරකු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්බ කර ඇති අතර මෙයට දින කිහිපයකට පෙර ඇය ප්‍රේම සම්බන්ධය නතර කිරිම නිසා ඔහු උරණව සිට ඇත.

මේ නිසා 21වන දින ඇය රැකියාවට යාමට සිටියදි ත්‍රි රෝද රථයකින් පැමිණ ඇති සැකකාර පෙම්වතා ඇය පැහැර ගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථකවිම නිසා ඇයගේ අත් බෑගය කොල්ලකා පලාගොස් ඇත.

ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරිමට යන බව ආරංචිවිම නිසා බියට පත් ඔහු පසුව මිතුරන් දෙදෙනකු අත බැගය එවා තිබේ.

යතුරු පැදියකින් බැගය රැගෙන පැමිණි මිතුරන් දෙදෙනා ඇඳිරි නිතිය උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ පොලිස් නිලධාරින් විසින් බාර් හන්දිය මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන ඇත.