පෙම්වතා උසාවියේ දී බෙල්ලකපා ගනී


නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරැදිකරුවූ පුද්ගලයෙක්  මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයකින් ගෙළ කපා ගත්තේය. ඔහු වහා රෝහල් ගත කැරිණි. 2006-7-16 වැනි දින රාමසාමී ලිංගේෂ්වරී නම් පෙම්වතිය ගිනි තබා මරා දැමූ රාමයියා ක්‍රිෂ්ණමූර්තියට (32) මරණ දඬුවම නියම කරන ලද්දේ එම්.එන්.ඒ. ගපුර් මහාධිකරණ විනිසුරු විසිනි. ක්‍රීෂ්ණ මූර්ති වතු සේවකයකි. ඔහුගේ තත්ත්වය බරපතල නැති බව වෛද්‍යවරු කියති.