පෙදෙරේරු වෙදාට පොලිසියෙන් බේත්
ප්‍රසව හා නාරීවේදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පෙදෙරේරුවකු බානගල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගම්මානවලට ගොස් ගර්භනී කතුන් ද විවාහක කතුන් හා අතවරයට ලක් වූ බව කියන කතුන් ද ගර්භනී භාවයට පත්ව ඇත්දැයි පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන්ගේ ශරීරය අතපත ගෑම සැකකරුගේ විනෝදාංශය වී ඇතැයි පොලිසිය පවසයි.
ඔහු සතුව තිබූ වෛද්‍ය උපකරණ ද ඖෂධ ද පොලිස් බාරයට ගෙන ඇත.

