පෙඩ්රිකා ජෑන්ස්ට වරෙන්තු


පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට අපහාස වන ප‍්‍රවෘත්තියක් ලියුවේයැයි පැවැරුණු නඩුවක තීන්දුවක් අභියෝගයට ලක් කරමින් සුමතිපාල මහතා ගොනුකළ අභියාචනය සලකා බැලූනු අද අධිකරණයට නොපැමිණි පෙඩ්රිකා ජෑන්ස් මහත්මියට අභියාචනාධිකරණ සභාපති එස්. ස්කන්ධරාජා මහතා වරෙන්තු නිකුත් කළේය. තිලංග සමුතිපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේ අභියාචනාධිකරණය නියෝග කර තිබියදී ඇය පැමිණ නැති නිසා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. අභියාචනය ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණ සභාපතිවරයා තීරණය කළේය.