පුල්ලි මකාගෙන ඕස්ටේ‍්‍රලියා යන්න හදලා


පුනරුත්ථාපන කඳවුරුවල සිටි බව කියන තරුණ කොටි සාමාජිකයන් 13 දෙනකු  ඕස්ටේ‍්‍රලියාව බලා මුහුදු මගින් හොරෙන් යෑම සඳහා ලූණුවිල තුම්මෝදර නිවසක සිටියදී අද අලූයම සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. ඕස්ටේ‍්‍රලියාවට ගිය පසු එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් ගෙවීමට ඔවුන් පොරොන්දුවී සිටි බවද පොලිසිය පවසයි.