(ඩී.කේ.රත්න)
සියඹලාණ්ඩුව දොඹගහවෙල ගල්වැටිය ප‍්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස 38, 37 සහ 56 යන වයස්වල පසුවන අතර මොනරාගල, වඩිනාගල සහ දොඹගහවෙල යන පෙදෙස්වල පදිංචිකරුවෝ වෙති.
පුරාවිද්‍යාත්මක රක්ෂිතයක පිහිටි මෙම ඉඩමේ නිධන් ලබා ගැනීම පිණිස මෙම පුද්ගලයින් කැණීම් කර ඇතැයි පොලීසිය කියයි. නිධන් හෑරීමට උපයොගී කර ගත් උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

