
(මනෝප්‍රිය ගුණසේකර)
පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.
දීර්ඝ කාලයක සිට මේ දක්වා සිදුව ඇති පුරා වස්තු විනාශය නවතා රටේ උරුමය අනාගත පරපුරට දායද කිරීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා විෂය පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වත් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ බව දැනුම් දී ඇත.
ජනාධිපති බෞද්ධ උපදේශක සභාවාරයේදී පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහාසංඝරත්නය ඉදිරිපත් කළ කරුණු ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කිරීමට පොරොන්දු වු ජනාධිපතිවරයා පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට වාර්ෂිකව වෙන් කරන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටද පොරොන්දු විය.
කිසිඳු පුජනීය ස්ථානයකට, ඓතිහාසික උරුමයකට, හා ඒවායේ වටිනාකම්වලට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් එවැනි සියළු ස්ථාන ජාතික උරුමයන් සේ සළකා ආරක්‍ෂා කරන බවත් එහිදී පැවසු ජනාධිපතිවරයා පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන රැකදෙන ලෙස මහාසංඝරත්නය කරන ඉල්ලීම් වලට ක්‍ෂණික ප්‍රතිචාර දන්වන ලෙස පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට නියෝග කළේය.

