( සිතුම් චතුරංග)
කිලිනොච්චිය , කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
කඳවුර ඉදිරිපිට වයර් සහිත පාර්සලයක් පිළිබඳ සැක සිතූ යුද හමුදා සෙබලුන් එය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්කළ බෝම්බය වැනි යමක් බවට තහවුරුවීමෙන් අනතුරුව ආරක්ෂිත ලෙස කඳවුර තුලටගෙන එහිදී නිශ්ක්‍රීය කොට ඇති බව පොලිසිය පැවසීය.
කිසියම් අයකු විසින් මෙය කඳවුර ඉදිරිපිටට ගෙනවිත් දමාගොස් ඇති බවට සැකපලකරන බවද පොලිසිය පැවසීය.
අදාල පාර්සලයේ කුමන වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේදැයි මෙතෙක් අනාවරණයවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සාම්පල ලබාගෙන ඇති බවද කීය.
පොලිසිය පැවසූයේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලය කිසිවෙකු විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීම සඳහා කඳවුර ඉදිරිපිටට ගෙනවිත් දමන්නට ඇති බවයි.
පිපිරීම සිදුවූ ස්ථානයේ කිලිනොච්චිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ බවද පොලිසිය පැවසීය.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

