පුත්තලම රෝහලේ ගැටුමක්:හතරක් රෝහලේ


(එච් . චන්දන සහ හිරාන් ප්‍රියංකර)

පුත්තලම මූලික රෝහලේ පී.සී.අර්. පරීක්ෂණයට පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂක අතර  ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්  කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පුත්තලම මූලික රෝහලේදී රෝහල් ආරක්ෂක අංශය හා නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවය කරන සේවකයින් කිහිප දෙනෙක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්  මේ ගැටුම හට ගෙන ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසය පවසයි.

නොරචෝලේ ලක් විජය තාප බලාගාරයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන්  පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණයක් සඳහා පැමිණි  පිරිස රෝහලේ කිසියම් සිද්ධියක් ජංගම දුරකථනයෙන් මෙම සිදු වීව  විඩියො කරද්දී එය වැලැක්වීමට ගිය ආරක්ෂක අංශ අතර මෙම ගැටුම සිදුව තිබේ.

විඩියෝ නොකරන ලෙසත් , විඩියෝ කල කොටස් මකා දමන ලෙස ඔවුන්ට දැණුම් දී ඇති අතර එම අවස්ථාවේ ඇති වූ කථා බහක් දුර දිග යාමෙන් අනතුරුව මෙම ගැටුම සිදුවී ඇති බව මූලික විමර්ෂණ වලදී  ආණාවර්ණ ය වී ඇත බව  පුත්තලම පොලීසය කියයි.

ගැටුමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනකු පුත්තලම පොලීසියේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාද තුවාල ලබා ඇති නිසා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

පහර කෑමට ලක්වූ රෝහල් ආරක්ෂයේ  අංශයේ  නිළධාරින් දෙදෙනකු දැනුට  පුත්තලම රෝහලේ ප්‍රථිකාර ලබයි.

(ඡායාරූප හිරාන් ප්‍රියංකර)