පුත්තලම යුද හමුදා මුරකුටියක ගිනි අවියක් උණ්ඩ 30 ක් උස්සලා


(ඉන්දිකා  රාමනායක)

පුත්තලම සිංහවිල්ලුවත්ත  පිහිටි 58 වන සේනාංකයේ මුරකුටියක තිබු  ටී 56  ගිනි අවියක් සහ උණ්ඩ 30  සහිත මැගසිනයක්  අතුරුදන්ව ඇති  බව පුත්තලම පොලිසිය කියයි.

මේ  සම්බන්ධයෙන්  යුද හමුදව පුත්තලම පොලිසියට  ඊයේ  (13) පැමිණ’ල්ලක්  ඉදිරිපත් කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉකුත්  09  දින රාත්‍රියේ ආරක්ෂාවට යොදවා සිටි  සෙබ`ථන්  පිරිසක් වෙත  නිකුත් කළ ගිනි අවි වලින් එකක් මෙලෙස අතුරුදන්ව ඇති බවද   පොලිස් ආරංචි මාර්ග පවසයි.

රාජකාරි අවසන්වීමෙන් අනතුරුව භාරදුන් ගිනි අවි අවි ගබඩාවේ තැන්පත් කිරීමට යාමේදී  ඉන්  එක් ගිනි අවියක් අතුරුදන්ව ඇති බව පෙනී ගොස් ඇතග

ගිනි අවිය අතුරුදන් වී ඇති බවට හෙළි වීමෙන් පසු අවිය මුළු කදවුරම පීරා එය සොයා ඇතත් මේ දක්වා ගිනි අවිය හමුවී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම අවිය මේ දක්වා ගින අවිය   හමුනොවීම හේතුවෙන් පොලීසියට ඒ  සම්බන්ධයෙන් පැමිණිලිකර ඇත.
ශමුදාව  කැඳවුරේ  සියලු දෙනාගෙන් නිවාඩු අවංගු කර  ගිනි අවිය සෙවීමේ කටයුතු  සිදුකරමින්  සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි..