ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා ප්‍රාදේශීය දේශපාලනාඥයකු එම පැල්පතට ගිනි තබා ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.
ගිනි තැබූ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.
කාන්තාව කරන ලද පැමිණිල්ලට අනුව මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂක වරයාට මන්ත්‍රීවරයා පහර දීම නිසා ඔහු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පැල්පතට ගිනි තැබීමට හවුල් වූ බව කියන තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

