(මුදිතා දයානන්ද)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු තම අමාත්‍යංශ්‍ය අවසන් කර ඇති අතර නුදුරේදීම පැවැත්වෙන මැතිවණයට සියලූ පක්ෂ සුදානම් වන්නැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා අද(6) මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුයේ 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමේ ලේකම්වරයා වෙත ඊයේ භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘‘පළාත් පාලන මැතිවරණය කල් යාම පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් දිගින් දිගටම චෝදනා එල්ල වුණා. 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව සීමානිර්ණ වාර්තාවේ ගැටලූ තිබු බැවින් අපට එහි සංශෝධන සිදුකරන්න යම් කාලයක් ගන්නට සිදුවුණා. එම සංශෝධනද ඇතුළු මැතිවරණය සම්බන්ධ සියලූ ගැසට් පත‍්‍ර නිකුත් කර අවසන්. ඒ වගේම පනතේ යම් තාක්ෂණික ගැටලූ කීපයක් මත සංශෝධන පනහක් පමණ කරන්නට සිදුවුණා. මැතිවරණය කල් දමන්නේ බයේ කියලා සමහරු චෝදනා කරලා තිබුණා. ඒ වගේම මැතිවරණය පවත්වන්නේ පරණ ක‍්‍රමයටද අලූත් ක‍්‍රමයටද කියලා සමාජයේ ප‍්‍රශ්න කිරිමක් තිබෙනවා. මෙහි දෙගිඩියාවක් නැහැ, මැතිවරණ කල් දැමීමේ කිසිම වුවමනාවක් අපිට තිබුණේ නැහැ. ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ අප මැතිවරණයේදී ජනවරම ලබාගත් පරිදි කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන්න කියලයි. පැරණී ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම ජනමතයට එරෙහිව යාමක්‘‘ යැයි ද ඔහු කීවේය.

