පුංචි කාලෙම හොරකමේ ගිහින්


කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ දුරකථන හලකින් ජංගම දුරකථන සොරකම්  කළ බවට කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක නව වැනි පෙළේ සිසුහු තිදෙනෙක් වරද පිළිගත්හ. වයස අවුරුදු 14ක් වන මේ සිසුන්ගේ වයස සලකා බලා ඔවුන් වැරැුදි කරුවන්  නොකර මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔවුන්ගේ පියවරු ඇපකරුවන් සේ ඉදිරිපත් වී රුපියල් පනස් දාහ බැගින් සහතික ඇප තැබූහ. වසර තුනක් යහපත් කල් කි‍්‍රයාවෙන් සිටින ලෙස  මහේස්ත‍්‍රාත්වරයා අවවාද කෙළේය.