(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද (1) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට පැමිණෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්‍තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු, උතුරුමැද,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පැයට කිලෝමීටර 50,60 පමණ වේගවත් සුළං ඇතිවන අතර, සෙසු පළාත්වලද පැයට කිලෝමීටර 40,50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

