මාතර පීක්වැල්ලේ කන්දට කම්බි දමා සවි ගැන්වූ කොන්ක‍්‍රීට් ආස්තරණයක් යෙදීමට යයි. කන්ද නාය යෑම වළැක්වීමට මේ පියවර ගැනෙයි. මේ අනුව මාතර බස් නැවතුම් පොළේ සිට පරණ තංගල්ල පාර මැද්වත්ත හංදිය දක්වා වරින්වර වසන බවත් මුල් අදියරේ දී ලබන 22 වැනිදා තෙක් උදේ 8.00 රාත‍්‍රී 7.00 දක්වා වසන බවත් කන්ද සවි ගැන්වීමේ කටයුතු මෙහෙයවන මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.