හිටපු ජනාධිපති ආරක්ෂක අංශයෙන් පාවිච්චි කළැයි කියන ඩිෆෙන්ඩර් ජීප් විසි දෙකක් කොළඹ බොරැල්ලේ එලියට් පාරේ නාගරික සංවර්ධන අධිකාරියේ භූමියක ගාල් කැර තිබේ.
මෙම වාහන බලා ගැනීමට පොලිස් ආරක්ෂාවද යොදා ඇත.
පසුගිය 29 වැනිදා මෙම වාහන එහි ගාල් කර යතුරුද රැගෙන ගිය බව මාධ්‍යවේදීන් එහි කැඳවාගෙන ගිය බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රී ලෝරන්ස් මාදිවෙල මහතා කියයි.
අව්වට වැස්සට නිරාවරණ වී ඇති මෙම වාහන අතර අලුත්ම ඩිෆෙන්ඩර්ද ඇති බව පෙනේ.
බොරැල්ලේදී සොයාගත් ඩිෆෙන්ඩරයක මිල රුපියල් එක්කෝටී විසිපන්ලක්ෂයක් පමණ වෙතියි කියති.






