පී.සී.ආර් යන්ත්‍ර නැති දිස්ත්‍රික්කවලට පී.සී.ආර් කේන්ද්‍රයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පී.සී.ආර්  පරීක්ෂණ සිදු කිරීම සඳහා  පහසුකම් නොමැති දිස්ත්‍රික්ක සඳහා එම පහසුකම් සහිත කේන්ද්‍රයක්  (POINT OF CARE PCR) ලබන මාසයේදී පිහිටුවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසුවාය .

ඇමතිවරිය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පී.සී.ආර් වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .