පී.සී. දෙන්නාගේ වැඩ තහනම්


කොළඹ කුරුඳුවත්ත පොලිසිය අසල දී, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමැති හා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මරුන් පැමිණි උත්සව භූමියට අනවසරයෙන් යතුරු පැදිකරුවකුට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. තුරග තරගපිටියේ පැරැණි ගොඩනැගිලි නවීකරණය කර ප්‍රේක්ෂකාගාරයක් හා සාප්පු සංකීරණයක් විවෘත කිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්විණි. වැඩ තහනමට ලක්වූවෝ කොළඹ වේල්ල වීදිය කොස්තාපල්වරු දෙදෙනෙක් වෙති.