පී.සී. ගුරුවරියගෙන් හොඳට කාලා


තමා විවාහ කැරගෙන ඇමෙරිකාවට ගොස් මධුසමය ගතකරන බව කියමින් ඇමෙරිකාවේ උගෙන ගන්නා නීති ශිෂ්‍යයකු බව කියාගත් පොලිස් කොස්තාපල්වරයකු තමාගෙන් රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදලක් වංචා කළැයි අවිවාහක උපාධිධාරි ගුරුවරියක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඉදිරිපිට සාක්කි දෙමින් පැවසුවාය.

කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය වලිමුණි ගුණරත්න අබේරත්න සිල්වාට එරෙහිව මේ නඩුව පවරා තිබේ.

පුවත්පතක පළවූ මංගල යෝජනාවකින් ඔහු ඇය හඳුනාගෙන ඇත්තේ ජංගම දුරකථනයෙනි. ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලාගෙන ඇත්තේ වීසා හදාදීමටයි. ඇගේ මෝටර්රිය ද ඔහු ටිකකාලයක් පාවිච්චි කර ඇත. ඔහු ඇයට දුන් මහනුවර ලිපිනයද ව්‍යාජ බවත් මාරාවිල පදිංචිකරුවකු වන ඔහු තුන්දරු පියෙකු බවත්, විවාහ වන බව කියා ඔහු මීට පෙර නීතීඥවරියකටද වංචා කළ බවත් උසාවියේදී කියැවිණි.