පී.සී. ගමන් බෑගයේ


පළාගල ආඬියාගල පදිංචි ප්‍රදීප් සංජීව පෙලිස් කොස්තාපල්වරයකි.  ඔහුගේ ශරීරය ඕනෑම හැඩයකට නැවිය හැකිය. අඩි පහයි අඟල් පහක් උස ඔහු, අඟල් 14ක් උසකින් හා අඟල් 12ක් පළලින් යුක්ත බෑගයකට බැස සඟවීමට හැකියාව ඔහුට ඇත.  බෑගයට බැසීමෙන් පසු එහි සිප් වසා තවත  දෙනකුට ඕනෑම තැනකට රැගෙන යා හැකිය. පාද දෙකක ද දෙ අත් ද ඔහුට ඕනෑම ආකාරයට නැවිය හැකිය.  පාසල් වියේ පටන් විනෝදාංශයක් ලෙස මෙය පුරුදු පුහුණු වූ බවත්  ඔහු පාසල් තම යහළුන්ට මේ ආකාරයෙන් ශරීරය නවා විනෝද වූ බවත් ඔහු කියයි. ඔහු දැනට සෙට්ටිකුලම පොලිසියේ සේවය කරයි.