පී සි පොලිසියටම පිළිමය විකුණන්න හදලා
ඉපැරැණි බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හතාමාරකට විකිණිමට ගිය බව කියන කොස්තාපල් වරයෙක් මාතලේ මහවෙල කිරි ඔරුවේදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කිලෝ 11 පමණ බර සෙන්ටිමීටර 22 ක් පමණ උසැති මෙම පිළිම වහන්සේ වික්ණිමට තැත් කර ඇත්තේ වෙස් වළාගෙන ගිය පොලිසියටය. මීට සම්බන්ධ හිමි නමක් ද අත් අඩංගුවට ගැනීමට සොයයි.

