පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනකු දැලේ


(ජේ.ඉඳුරුව ගේ / ඉන්දිකා රාමනායක )

මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධරයකුට හා වෙළඳසලක සිටි පාසල් දැරියකට පිළියන්දලදී  ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ  සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකු මිරිහාන විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක්  මගින් අද(8) අලුත්ගම දර්ගා නගරයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම එක් සැකකරුවෙක් දර්ගා නගරයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර  අනෙකා අහුන්ගල්ලේ පදිංචි 27 හැවිරිදි  අයෙකි. 
ඉකුත් මැයි 9 දා පිළියන්දලදී මෙම වෙඩි තැබීම සිදුවිය.

සැකකරුවන් දෙදෙනා  මෙම මස 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.