(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමට රැගෙන ආ බව කියන මිලිමීටර් නවය ගිනි අවියක් සහ උණ්ඩ අටක් ඉංගිරියේ හඳපාංගොඩ නිවසක් පිටුපස ගල් දෙබොක්කාවක සඟවා තිබියදී සොයාගත් බව මිරිහාන පොලිසිය කියයි.
ඉකුත් 09 වැනිදා පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමට යතුරු පැදිය පදවාගෙන ආ බව කියන දකුණේ පාතාල නායකයකු වූ අහුංගල්ලේ ලොකු පැඩී නැමැත්තන්ගෙන් රඳවාගැනීමේ නියෝග මත කළ ප්‍රශ්න කිරීම්වලදී එම ගිනි අවිය සැඟවූ ස්ථානය අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් ලබාගෙන ඇති රඳවාගැනීමේ නියෝගය හෙටින් අවසන් වන අතර හෙට සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

