පිළියන්දල පොලීසියේ 23කට මාරු
පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති , කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසි නවයකට මාරු කරනු ලැබ සිටිති.
ඔවුන් පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

