පිළියන්දල දී පොලිසියට වෙඩිි තැබු සැකකරු මැදිරිගිරියෙන් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය වැටලිමක් සඳහා ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට  ඉකුත් මැයි 9 වැනි  දා පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ  ප්‍රධාන සැකකරු පොළොන්නරුව මැදිරිගිරියේ දි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරිම ආධාර අනුබල ලබා දිම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මිගමුව/ අහුංගල්ල/ දර්ගානගරය යන ප්‍රදේශ වල පදිංචි ව සිටි සැකකරුවකු බවත්  ඌරගස්මංහන්දිය හා අහුංගල්ල යන පොලිසි  වලින් වරෙන්තු ලැබ සිටි අයෙකි.