(රංජන් කස්තුරි)
පිළිකා රෝගීන්ට ලබාදෙන මෝෆීන් නැමැති වේදනා නාශක ඖෂධය සති කිහිපයක සිට හිඟව පවතින බව මහරගම පිළිකා රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නේවාසික හා බාහිර පිළිකා රෝගීන්ට නිතර ගතයුතු ඖෂධයක් වන මෝෆීන් හිඟවීම නිසා එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිළිකා රෝගීන්ට ලබා දෙන මෝෆීන් නැමැති වේදනා නාශකයේ වර්ග දෙකක් තිබෙන අතර අයි.ආර් නැමැති වර්ගයේ හිඟයක් තිබෙන හෙයින් එස්.ආර් නැමති වර්ගය රෝගීන්ට ලබා දීමට පිළිකා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කරන බවද පැවසේ.

