පිළිකා රෝගී සත්කාරයට පැරිසියේ නත්තල් සැඳෑවක් ඉරිදා
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය උපකරණ සපායා දීම සඳහා වන නත්තල් සැඳෑවක් ඉරිදා (23) පැරිසියේදී පැවැත්වීමට යයි. ප්‍රශයේ ශ්‍රී ලාංකික සුභසාදක සංගමය සහ ප්‍රංශ ශ්‍රී ලංකා සංවිධානය මෙම උළෙල සංවිධානය කරයි. රැඟුම්, ගැයුම්, වැයුම් හා ආහාරපාන ඇතුළත් මෙම උළෙලේ සංගීතය ඡායා වයිබ්‍රේෂන් කණ්ඩායමේ සංගීතය මෙහෙයවයි. ඉරිදා සවස දෙකේ සිට රාත්‍රී දහය දක්වා පැරිසියේ බැනියොලේ පල්ලිය ඉදිරිපිට අංක 124 ශාලාවේ දී මේ සැඳෑව පැවැත්වීමට නියමිතය.

