පිළිකා ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්ටුව ළඟදීම


( දිල්රුක්ෂි ග්‍රේරු )
 
පිළිකා ඖෂධ ඇතුළු තවත් ඖෂධ  සහ උපකණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පති කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
 
පිළිකා ඖෂධ වලින්  95% ක්  මිලදී් ගනු  ලබන්නේ රජය වුවද  ඉන් 5% ක ප්‍රමාණයක්  පෞද්ගලික අංශ මගින් අලෙවි කරනු ලබයි. එමෙන්ම පිළිකා  ඖෂධ වර්ග වල පවතින අධික මිල හේතුවෙන් රෝගීන්ට එම ඖෂධ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති  බැවින් මෙම මිල අඩු කිරීමේ තීරණය ගනු ලබන බවද අමාත්‍යංශය සඳහන් කළේය.
 
ඖෂධ ආනයනය කිරිම සදහා රජය  වසරකට රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය  කරනු ලබන අතර   පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුළ රජයටරුපියල් බිලියන 02 ක් ඉතිරි වන බවත්‘ටැබ්සුමාබ්‘ නැමැති පිළිකා ඖෂධය මීට පෙර දී  අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහකට බවත් එය වර්තමානයේදී  රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.
 
මේ වන විට පිළිකා රෝගීන් සදහා පැවැති රුපියල් ලක්ෂ 15 ප්‍රතිකාර සීමාව ඉවත් කර ඇති අතර  රෝගියෙකු රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගෙන  ඇති බවත්  සඳහන් කළේය.